පානදුරෙන් ව්‍යාජ කච්චේරියක් අල්ලයි


(සුමිත් පොතුපිටිය)

ව්‍යාජ ලෙස පවත්වාගෙන හොර කච්චේරියක් අද අළුයම වටලා හිටපු නගර සභා ලිපිකරුවකු අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචි 65 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු පානදුර නගර සභාවේ සහ මොමොරටුව මහ නගර සභාවේ සේවය කර ඇති අයකු බව සදහන් වේ.

බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් දින 10 ක් පමණ ආවේක්ෂණ රාජකාරි කිරිමෙන් පසු අද අළුයම වැටලීම කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රාදේශීය සභා ලේකම් වරුන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර්වරුගේ, ආදායම් පරීක්ෂකවරුන්ගේ, විදුහලේ පතිවරුන්ගේ ඇතුළු නිළ මුද්‍රා 31 ක් බාරයට ගෙන ඇති බව පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .