ප්‍රංශ මැතිවරණයේ දෙවැනි වටය කල්දමයි


මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ මැතිවරණයේ දෙවන වටය පවතින තත්වය හේතුවෙන් කල්දමන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා  පවසයි.

එසේම හෝටල් සහ පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන යොදාගනිමින් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට ද ප්‍රංශ රජය උපදෙස් දී ඇත.

මේ වනවිට ප්‍රංශයේ නැගෙනහිර පිහිටි රෝහල් කරා ආසාදිතයන් රැගෙන යාමේ සියලු කටයුතු ප්‍රංශ හමුදා භටයන්ට පවරා ඇති අතර, පැරිසියේ වීදි දිගේ ගමන් කරන හමුදා ට්‍රක් රථ දැකගත හැකිය.

“අපිට පුලුවන් නැවුම් වාතය ආශ්වාස කරන්න. නමුත් පාපන්දු ක්‍රීඩා කරන්න බැහැ.”
“මේ තත්වය පාලනය කරන්න 100,000ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා” යැයි ප්‍රංශ නිලධාරීහු පවසති.

මේ වනවිට ප්‍රංශයේ පුද්ගලයන් 5,437 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 400 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. 127දෙනෙකු මියගොසිනි.