පළාත් රැසකට කඩින් කඩ වැසි


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරුමැද පළාතෙත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාවතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බනවතාට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින විට පැයට කිලෝ මීටර් 40-45 තරමේ තද සුළං ඇති වේ.