
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම සමාරම්භක අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.
ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරු නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ 131 දෙනෙක් සමාරම්භක සැසිවාරය සදහා සම්බන්ධ වූහ.තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කළේය.
තරුණ පාර්ලිමේන්තුවේ කථානායකවරිය කැටුව වේත්‍රධාරී සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරිණි.
ඊයෙ(17) සහ අද (18) දෙදින පැවැති සැසි වාරයේදී යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත පිළිබඳ විවාදයට ගැනිණ.

