පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඇමැති ඩලස් පොලිස්පතිට කියයි


(සුජිත් හේවාජුලිගේ )

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවෙසට එල්ල  කර ඇති  ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දැනුම්දී  ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් යුතු පොලිස් නිලධාරීහු කණ්ඩායම් තුනක් පරීක්ෂණ මෙහෙයවති.