විනීතා එම් ගමගේ
මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පත්කරනු ලැබ ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ ජේ එම් මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමෙන් පසු හිස්වූ එම තනතුරට දේවප‍්‍රිය මහතා පත් කර ඇත.
ඉසුර දේවප‍්‍රිය මහතා අද (21) වැඩ භාර ගැනීමට නියමිතය.

