පක්ෂ නායක රැස්වීමක් හෙට


 කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18)  උදෑසන  විශේෂ පක්ෂ නායක රැස්වීමක්  පැවැත්වීමට නියමිතය .

 හෙට (18) දහවල්  1 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඊට පෙර පක්ෂ නායක රැස්වීම පැවැත්වේ. 

පාර්ලිමේන්තුවේදී  ගන්නා  ක්‍රියාමාර්ග  පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී  සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

හෙට දින පාර්ලිමේන්තු සභාවාරයට  මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහභාගී විමටද නියමිත බව  දේශපාලන ආරංචි මාර්ග පවසයි. මීට පෙර පැවැති පාර්ලිමේන්තු සැසි කිහිපයකටම සහභාගී වීමෙන් ඔවුහු වැළකී සිටියහ.

මේ අතර නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයට  පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීමට සුදානම් බවද  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

 

(36698)