(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (2) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල සම්බන්ධයෙන්ද මේ රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා අඟහරුවාදා සිට 10 වෙනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කළේය.