
(යොහාන් භාසුර)
නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට චීන විශේෂඥයෙකුගේ සේවය ලබගන්නා බව විදුලිබල අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම චීන ජාතික කාර්මික විශේෂඥයා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පැමිණිමට නියමිතය.
එම ජනන යන්ත්‍රය හැකි ඉක්මනින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාව නැවත ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

