නුගේගොඩ රැලිය කවුරුවත් රජ කරවන්න නොවේ


(අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී නුගේගොඩ දී පවත්වන්නේ කවුරුවත් රජ කරන්න කරන රැලියක් නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙය ජනතාව වෙනුවෙන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරවා ගන්නා රැලියක් බවද රාජපක්ෂ මහතා කීය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත්, ජාතික ආරක්ෂාව බිඳවැටී ඇති බවත්ය.

රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කළේය.

අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත  රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව නාමල්‍ රාජපක්ෂ පැවසීය.