නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංක)

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන් අදාල නිවසේ සේවය කරන ලද මෙහෙකාරිය ඇතුලු දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කොල්ලකෑමට ලක් වූ නිවසේ හිමිකරිය යපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතීඥවරියක් වන අතර ඇය නිවසේ නොමැති අවස්ථාවක මීට දින කිහිපයකට පෙර රන් පවුම් 40 කට අධික ප්‍රමාණයක් සහ නීතීඥවරියගේ යතුරුපැදිය කොල්ලකෑමට ලක්ව තිබුණි.

පසුව නීතීඥවරිය  විසින් යාපනය පොලීසියේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ පරික්ෂක්ෂණයක් ආරම්භ කරන ලදි.

එහිදී නීතිඥවරියගේ නිවසේ මෙහෙකාරිය පිළිබඳව සැක පලවීමත් සමග ඇයගේ දුරකතන දත්තයන්ද ගෙන සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙලි වී ඇත්තේ මෙහෙකාරිය විසින් නීතීඥවරිය නොමැති අවස්ථාවක ඇගේ ඥාතියෙකුට ඒ් පිළිබඳව දැනුම් දී මෙම කොල්ලකෑම සිදුකොට ඇති බවටයි.