(විනීතා එම් ගමගේ)
නීති අධ්‍යාපනය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
නීති දැනුම පාසල් දරුවන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම වත්මන් රජය ලද විශාල ජයග‍්‍රහණයක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය වැනි කරුණු පිළිබඳව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීම තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇතිවන ගැටළු සඳහා මුහුණදීමට දරුවන්ට අත්වැළක් වන බවත් අමාත්‍යවරිය පැවසුවාය.
මුලික නීතිය මෙන්ම දණ්ඩ නීති සංග‍්‍රහය, අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය වැනි කරුණු පිළිබදව අවබෝධයක් කුඩා කාලයේ සිටම ලබා ගැනීම තුළින් රට තුළ සිදුවන අපරාධ අඩුවීමට හේතු වනු ඇතැයි ද ඇය කියා සිටියාය.
නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධව ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇතැයි ද අතුකෝරල මහත්මිය තව දුරටත් පැවැසුවාය.