( ඩී.ඒ.පතිරණ)
ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද දහවල් පුද්ගලයන් හතර දෙනෙකු මුඛ ආවරණ පැලැද ඇතුළු වී ගිණි අවියක් පෙන්වා නිවැසියන් කාමරයකට දමා සිරකර තබා එක්කෝටි එක්ලක්ෂ අනුතුන්දහසක (10193000.00) මුදල් හා ස්වරණාභරණ පැහැරගෙන මෝටර් රථයකින් පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.
නිවැසියන් බයකර ඔවුන් එක් කාරමරයක දමා සිරකර නිවසේ තිබූ රුපියල් අනූඅටලක්ෂ පනස්දහසක (9850000.00)මුදල් ,රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසක් (325000.00) වටිනා රන්භාණ්ඩ,රුපියල් දහහත්දහසක් (17000.00) වටිනා ජංගම දරකථන තුනක් කොල්ලකා පළා ගොස් ඇත.
ව්‍යාපාරිකයා සහ දරුවන් ඌරුබොක්ක ප්‍රදේශයේ සිය වෙළද ව්‍යාපාරයේ සිටින අතරතුර පිරිස නිවසට ඇතුවී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරාකයාගේ බිරිඳ, රෝගී පුතා,ලේලිය, දරුවන් පමණක් බවත් නිවසේ සිටින රෝගියා බැලීමට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි ඥාතියකු හා ඔහුගේ බිරිද දරුවන් දෙදෙනාද සිට ඇති අතර ඔවුන් සියළු දෙනාම කාමරයකට දමා සිරකර තබා ඇති අතර කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි යුවළගේ හා දරුවන් දෙදෙනාගේ මුදල්, රන්භාණ්ඩ, ජංගම දුරකථන ද සොරුන් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

