නිවසකට පැන තියුණු ආයුධවලින් පහරදීලා


(ඉන්දිකා  රාමනායක)

යාපනය   නිර්වේලි ප්‍රදේශයේ   නිවසට   කඩා වැදුණු පිරිසක් එම  නිවසේ  තරුණියකට ඇගේ මවට හා සොහොයුරාට තියුණ  ආයුධ වලින් පහර දී තුවාල සිදුකර ඇති බව කෝපායි පොලිසිය පවසයි.
 සිව් දෙනකුගේ සමන්විත  කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබු තරුණිය   යාපනය මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටි (24) හිවිරිදි තරුණියක් බව පොලිසිය කියයි.