
නිරෝධායන කාලයක් ගතකිරීමට යොමුවීම ප්‍රතික්ෂේප කරන කොරෝනා වයිරසය ආසාදිතයන්ට සිර දඬුවම් හෝ ස්ටර්ලින් පවුම් 1000ක(රුපියල් 228, 830) දඩ මුදලක් නියම කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත.
වයිරසය ආසාදනය වීමේ වේගය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ එය පාලනය කිරීමේ පියවරක් වශයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් මෙම පියවර ගෙන තිබේ.
එංගලන්තයේ හෝ වේල්සයේ වයිරසය බවට සැකකෙරෙන පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් පෙනී සිටීම හෝ නිරෝධායනයට යොමුවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පොලිසියට ඔවුන් ඒ සඳහා යොමුකරලීම අවසර දී තිබේ.
වයිරසය ආසාදනය වූවන් දින 14ක කාලයකට රෝහලක හෝ සුරක්ෂිත ස්ථානයක නිරෝධායනයට යොමුවිය යුතු බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.
දඩය ගෙවීමට අපොහොසත් වන පිරිස ද සිරගත කිරීමට නියම කර ඇත.
ආසාදිතයන් රුධිර පරීක්ෂාවක් කළ යුතු අතර සංචාරය කළ ස්ථාන, මෑතකදී හමු වූවන් සම්බන්ධයෙන් ලැයිස්තුවක් ලබාදිය යුතුය.


