නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරයි


(යොහාන් භාසුර)

ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කළ මෙම ඖෂධය භාවිත කිරීමෙන් පසුව රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තාවීමෙන් පසුව මෙම පියවර ගත් බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මෙම ‘බුපිවකේන්’ නමැති ඖෂධය දීමෙන් පසුව කාන්තාවන් දෙදෙනකු මියගිය බවට පසුගියදා වාර්තා විය.