නිමල්ට - අමරවීරට විනය පියවර


(යොහාන් භාසුර)

පක්‍ෂය දැනුවත් නොකර වර්තමාන ආණ්ඩුවේ ඇමති ධූරගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අරමිවීර යන මහත්වරුට එරෙහිව නිසි වෙලාවට පියවර ගන්නා බවත් පක්‍ෂයේ නීති දෙකක් තිබිය නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  පැවසීය.

පක්‍ෂය දැනුවත් නොකර තනතුරු ගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මහත්වරුන්ට විරුද්ධව පක්‍ෂයක් හැටියට පියවර ගත්තනා නම් පක්‍ෂය දැනුවත් නොකර තනතුරු ගැනීම සම්බන්ධව එම දෙදෙනාට විරුද්ධව ද පියවර ගතයුතු බව කී දයාසිරි ජයසේකර මහතා එක පිරිසකට එක නීතියකුත් තව පිරිසකට තව නීතියකුත් තිබිය නොහැකි බව ද සඳහන් කළේය.

ඔවුන් සම්බන්ධයෙන් පියවර ගෙන අවශ්‍ය කරන කටයුතු ඉතාම ඉක්මණින් කියන බවත් ජයසේකර මහතා වැඩි දුරටත් කීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.