නිධන් හොරු 5ක් පළායති:අයෙක් මාට්ටු


(දයාරත්න ඇඹෝගම)

කහටගස්දිගිලිය,නෙකටුනවැව ප්‍රදේශයේ බඩ ඉරිගු වගා භුමියක නිධන් හැරිම සදහා පුද්ගලයන් පිරිසක් කැණිම් කරන බවට ලද තොරතුරක් මත ඊයේ (22) පොලිස් නිලධාරින් විසින් එම ස්ථානය වටලන අවස්ථාවේදි පුද්ගලයන් පස් දෙනෙකු පලා ගොස් තිබු අතර එක් සැකකරුවෙකු පමණක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

යාය 04,අරගංවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එම පුද්ගලයා අද (23)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

අනෙක් පුද්ගලයන් පස් දෙනා පිළිබදවත් තොරතුරු අනාවරණයවි ඇතිබව පවසන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණයක් ආරම්භ කොට ඇති බවත්  පැවසිය.