නැගෙනහිර වායුගෝලය කැළඹිලා


දිවයිනට නැගෙනහිර  දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එහි බලපෑමෙන් උතුරු,උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

උතුරු,නැගෙනහිර,උතුරු මැද,ඌව සහ මධ්‍යම පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත.