
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු "ආදරය'"වැඩසටහන වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පොත්පත් පරිත්‍යාගයක් සිදු කෙරිණි.
සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරයේ විහාරාධිපති ෂී ෂාඕ හිමියෝ මේ පරිත්‍යාගය කළහ.ගංගාරාම විහාරාධිපති ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පරිත්‍යාගය සිදුවිය.

