නව යුද හමුදාපති වැඩ අරඹයි


(යොහාන් භාසුර)

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා බත්තරමුලේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී අද (1) පෙරවරුවේ නිලවශයෙන් වැඩ භාරගත්තේය.

ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ඉතිහාසයට එකතු විය.

මෙම අවස්ථාවට යුද හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර