(අංජුල මහික වීරරත්න)
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
විද්‍යානුකූලව ඇමති මණ්ඩලයක් පත් කළ යුතු හෙයින් පොඩි පමාවක් සිදුවී තිබෙන බව කී මන්ත්‍රීවරයා එක්සත් ජාතික පෙරමුණේ කිසිවකුත් තනතුරුවලට බල කෑදරකම් නැතැයි ද සමහරුන් කැබිනට් අමාත්‍ය ධුර පරිත්‍යාග කරන්නට පවා සූදානමින් සිටින්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
ජනපති සමඟ ඉදිරියේදී සුහදව කටයුතු කළ හැකිවේ යැයි නොසිතන බවද කී ඔහු නමුත් අවම සුහදතාවය හෝ පවත්වාගෙන ඉදිරියට යාම තම මන්ත්‍රී කණ්ඩායමේ අරමුණ බව පැවසුවේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
රවී කරුණානායක මහතාටත් අමාත්‍ය ධුරයක් හිමි වන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් නලින් බණ්ඩාර මහතා කීවේ රවී කරුණානායක මහතාට අමාත්‍ය තනතුරක් දැරීමට කිසිදු බාධාවක් නැති බව නීතිපතිවරයා ද දැනුම් දී ඇති බවයි.