දේශබන්දුගේ සිද්ධියට අයි.ජී.පී - සී.අයි.ඩී ලොක්කාට නොසීති


(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සැකකරුවකු ලෙස නම් නොකිරීමට අදාළව කරුණු විමසීම සඳහා ලබන මැයි මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අද (24) නොතීසි නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුලු තිස් තුන් දෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නිතිපතිවරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර, ඔහු මෙතෙක් එම ක්‍රියාමාර්ගය ගෙන නොමැත්තේ ඇයි දැයි කරුණු විමසීම සදහා නොතීසි නිකුත් කරන ලෙසට ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.