දේශබන්දුගේ රිට් පෙත්සමට 12 කරුණු දක්වන්න කියයි


(මනෝප්‍රිය ගුණසේකර)

තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ගොනු කළ ‘රිට් පෙත්සම’ කරුණු තහවුරු කිරීම සඳහා 12 වැනි දා කැදවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.

සුදුවෑන් රථයකින් පැමිණී නාදුණන පිරසක් 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධියට අදාළව පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුවට අනුව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමේ ආසන්න තත්ත්වයක් මතුවී ඇති හෙයින් එය වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේය.