දුම්රිය


(ප්‍රසාද් රුක්මල් ) 

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල  දුම්රිය මාර්ගයේ ඔහිය  පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය  බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජාතිකයන් විසින් ඉදිකර තිබූ  මළකානුවක පැති බැම්මක් කැඩි බිදීයාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් දුම්රිය සේවකයන් විසින් වලකා ගනු ලැබිනයි දුම්රිය දෙපාර්තමේන්තුව අද (17)පැවසීය .

කොළඹ කොටුව සිට සැතපුම් 140, 1/2ක දුරකින්  මුහුදු මට්ටමේ සිට අඩ් 6220ක පමණ ඉහලින්  ලංකාවේ උසින්ම පිහිටි   ඔහිය පට්ටිපොළ අතර     අංක 18 දුම්රිය බිංගෙය අඩි 1054ක  දිග අතර  එය ලංකාවෙ පිහිටි දිගම දුම්රිය බිංගෙවල් අතුරින් සිව්වන දිගම දුම්රිය බිංගෙය දවේ.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට සමීප කලාපයේ පිහිටි මෙම දුම්රිය බිංගෙය පිහිටි ප්‍රදේශයට වසර පුරා වැසි පතිත වන අතර , එම  වැසිජලයෙන් ක්‍රමවත්ව පාලනයකින් යුතුව දුම්රිය  බිංගෙය දෙපස කදු ඉවුරු ආරක්ශා කර ගැනිමට සුදු ජාතිකයන් විසින් මළකානු පද්ධතිය ක් මකුලුදැලක් සේ බිංගෙය කනින වකවානුවේ ඉදිකර තිබෙන බවත් දුම්රිය බලධාරීන් සදහන් කළේය .

නොබෝදා ඇද හැලුන කුනාටු සහිත ධාරානිපාත වර්ෂාවත් සමඟ එම පැති බැම්ම බිදීගොස් විශාල ජල කදක් පස්ගල් සමග දුම්රිය බිංගෙය කට සමීපයට ඇද වැටී දුම්රිය මාර්ගය අවහිර වී තිබිණි. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ නානුඔය ප්‍රධාන අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා ගේ අධීක්ෂණය  මත පට්ටිපොළ අධීක්ෂණ කළමනාකරු (දුම්රිය මාර්ග) ජනක මනම්පේරි,බණ්ඩාරවෙල ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරු කනිශ්ක ගයාන්  යන මහත්වරුන්ගේ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුවේ පට්ටිපොළ  මාර්ග අංශයේ නඩත්තු දුම්රිය සේවකයන්,  බණ්ඩාරවෙල ගොඩනැගිලි  නඩත්තු සේවකයන් විසින් මෙසේ දුම්රිය මාර්ගයේ එම අවහිරතා ඉවත් කරමින් තාවකාලිකව තාක්ෂණික පිළියම් යොදමින්  දුම්රිය බිංගෙය සමග දුම්රිය මාර්ගය ආරක්ෂා කර ගැනිමේ කටයුතු සිදු කරනු ලැබූහ .