දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්


(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් හදිසියේ ක්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 

වර්ජනය අවසන් කළ ද දුම්රිය ධාවනය නැවත යතාවත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවත් චාමර මහතා වැඩිදුරටත් කීය.