(ඩයනා උදයංගනී සහ ජයමාල් චන්ද්‍රසිරි)
දුම්රිය වැඩවර්ජනයක් අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කරන බව කීවද පස්වරුවේ සිටම සිදු වූ දුම්රිය ප්‍රමාදයන් හා ධාවනය නොකිරීම් හේතුවෙන් මගීහූ දැඩි පීඩාවට පත්වූහ.
මේ හේතුවෙන් කෝපයට පත් මගී ජනතාව දුම්රිය ස්ථානවලදී කෑ කෝ ගසමින් විරෝධය පළකරනු ද දක්නට ලැබිණි.
වැඩ වර්ජනය ඊයේ දිනයේ ආරම්භ වීමට නියමිතව තිබී අද දක්වා කල් ගියද ඊයේ පස්වරුවේත් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය.
කොටුව දුම්රිය ස්ථානයේ දොරටු වසා දමා ආරක්ෂාවට හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබිණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)






