(යොහාන් භාසුර)
දුම්රිය නිල ඇඳුම් සේවා අර්ථසාධක අරමුදලේ සභාපතිවරයා සහ ලේකම්වරයා නීති විරෝධීව ලබාගෙන ඇති රුපියල් ලක්‍ෂ 6 කට අධික මුදල නැවත අයකරගත යුතු බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පරීක්‍ෂණයකින් පසුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නිර්දේශ කර තිබේ.
එම අරමුදලේ ලේකම් සහ භාණ්ඩාගාරික ධූර දෙකම දරණ පුද්ගලයා පසුගිය වසරේ (2021) සැප්තැම්බර් මස සිට මාස 9 ක් රුපියල් 57,787.50 ක් බැගින් රුපියල් 520,087.50 ක දීමනාවක් සහ සභාපතිවරයා රුපියල් මාස 9 ක් රුපියල් 15,000 බැගින් රුපියල් 135,000 ක දීමනාවක් නීති විරෝධීව ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.
දුම්රිය නිල ඇඳුම් සේවා අර්ථසාධක අරමුදල 1947 අංක 50 දරණ පනතින් සංස්ථාපනය කර දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ සමන්විත පාලක මණ්ඩලයකින් පාලන වන බැවින් එහි නිලධාරීන් ආයතන සංග්‍රහයට යටත් වන නිසා ඉහත දීමනා ආයතන සංග්‍රහයේ ½½½V» වන පරිච්ජේදයට සහ තවත් පරිච්ජේද කීපයකට පටහැනි බැවින් එම මුදල් නැවත අරමුදලට ලබාගැනීමේ බලය ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්ලිව්. පී. එස්. කේ. ප්‍රනාන්දු මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.