දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයක


(මහින්ද  නිශ්ශංක සහ යොහාන් භාසුර)

දිරිදීමනා නොගෙවීම හේතුවෙන් දුම්රිය ධාවනාගාර සේවකයින් අද (11) උදේ සිට රාජකාරිවලින් වැලකී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි දුම්රිය කම්කරු එකතුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් හා අවලංගු වීම් සිදු විය හැකි බවද දැනට මගී දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

අද උදේ 10.35 ට කොටුව සිට මහනුවර බලා යන දුම්රිය සහ අද සවස 3.00 ට මහනුවර සිට කොළඹ බලා පිටත් වීමට නියමිත දුම්රිය ද එම  දුම්රිය දෙක වේ.