දුම්රිය එන්ජින් 103ක් ’’පැන්ෂන්’’ යවලා


(සුජිත් හේවාජුලිගේ)

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 103ක් (පසුගිය අප්‍රේල් මාසය වනවිට) ධාවනයෙන් ඉවත්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ

එය ප්‍රතිශතයක් ලෙස සියයට 38 කි.

මෙම   දුම්රිය එන්ජින්  අතුරින්  තිස් නවයක් දුම්රිය පොළවල ගාල්කර ඇත.   හැට හතරක් රත්මලාන වැඩපොළේ  වසර පහක් තිස්සේ ගාල් කර  ඇති  බව වාර්තාව සඳහන් කරයි.

එසේම දුම්රිය දෙපාර්තමේන්තු සතු දුම්රිය මැදිරි සංඛ්‍යාව 1662කි.ඉන් ධාවනයට  යොදවා ඇත්තේ මැදිරි 1475කි.