දුම්රිය 90 ක් දින තුනක් ගමන් නවත්වයි


 ( මහින්ද නිශ්ශංක ) 

 අද ( 17) සිට 19 වැනිදා තෙක් දින තුනක් දුම්රිය 90 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

 ප්‍රධාන මාර්ගය, පුත්තලම මාර්ගය, මුහුදුබඩ මාර්ගය,  කැලණිවැලි මාර්ගය හා උතුරු මාර්ගය  යන දුම්රිය මාර්ගයන්හි  උදේ සවස ධාවනය වන දුම්රිය මෙසේ අවලංගු කර ඇත.

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්  අද ( 17) සිට දින තුනක්  නිවාඩු ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මෙම දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.