දුකට පිහිට වෙන්න රටම පෙළගැසෙයි.


(සුජිත් හේවාජුලිගේ)

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අසරණව සිටින ජනතාව වෙනුවෙන් පිහිටවීමට ප්‍රධාන පෙළේ ආයතන ගණනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි.

එම මානුෂිය ආධාර වැඩසටහන් සමග සම්බන්ධ වීමට ජනතාවටද අවස්ථාව උදාකර දී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් මනුසත් දෙරණ සහන ක්‍රියාන්විතය නැවතත් ආරම්භවී ඇත.

මෙම ක්‍රියාන්විතය සඳහා ඔබටත් වියළි ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමෙන් දායක විය හැකිය.

ඒ අනුව අංක 320 ටී.බී ජයා මාවත, කොළඹ 10 පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත හෝ අංක 45,6 අල්විස් පෙදෙස කොළඹ 3 පිහිටි Triad ආයතනය වෙත මෙම පරිත්‍යාගයන් කිරීමේ හැකියාව ඇත

මේ සඳහා වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 077 070 10 10 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

මේ අතර හිරු මාධ්‍ය ජාලයද කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ ක්‍රියාන්විතය ඊයේ (29) ආරම්භ කළේය.

රට වෙනුවෙන් හිරු - හිරු සහන යාත්‍රා මානුෂීය මෙහෙවර එම වැඩපිළිවෙළයි.

අවතැන් කඳවුරුවල දිවි ගෙවන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒම උදෙසා සෞඛ්‍ය කඳවුරු ක්‍රියාත්මක කිරීම මෙහි පළමු අදියර යටතේ සිදු කෙරේ.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන හිරු සහන යාත්‍රා මෙවරත් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සොයා පැමිණෙනු ඇත.

මේ සඳහාද දායක වීමට ජනතාවට අවස්ථාව උදාවී ඇත.

ඒ අතර ස්වර්ණවාහිනි ආයතනය ද ජනතාව වෙනුවෙන් පෙළගැසී ඇත.

මීට අමතරව ආරක්ෂක අංශ මූලස්ථාන ඇතුළු බොහෝ ආයතන එම ආයතන සිය සේවකයන්ගේ හෝ සාමාජිකයන්ගේ දායකත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ එකතු කර බෙදා දීමේ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්ව සිටින සහෝදර ජනතාවට බෙදා දීම සඳහා පහත සදහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ පාර්ලිමේන්තු සේවකයන්ගේ දායකත්වයෙන් එකතු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

ඒ සදහා ලබාදෙන ද්‍රව්‍යමය දෑ පාර්ලිමේන්තුවේ මහජන භෝජනාගාරයේ ස්ථාපිත කවුළුවට දෙසැම්බර් මස 01,02,03 යන දිනයන්හි උදේ 8.30 සිට භාර දීමට කාරුණික වන මෙන් පාර්ලිමේන්තු මහලේකම් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දී ඇත.

එම කවුළුවට භාරදිය හැකි ද්‍රව්‍ය මෙසේය.

වතුර බෝතල්, පැනඩෝල්, ඩෙටෝල්, බේබි සබන්, ටින් මාළු, පරිප්පු පැකට්, මැගී නූඩ්ල්ස්,