දිස්ත්‍රික්ක තුනක වසම් 11 හුදකලා කරයි


(නිමන්ති රණසිංහ)

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 11ක අද පෙරවරුවේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති  ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගම්පහ,රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වසම් 11 හුදකලා කර ඇත.

හුදකලා කර තිබූ වසම් කීපයක් එම හුදකලා තත්ත්වයෙන් මුදා හැරිමට ද කටයුත කළ බව ද යුද හමුදාපතිවරයා කියයි.

මෙසේ හුදකලා කළ ප්‍රදේශ වන්නේ

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,

  • පාළුගහවෙල ග්‍රාම නිලධාරි කොට්ඨාශය

 

ගාල්ල දිස්ත්‍රික්කය

අහංගම පොලිස් බලප්‍රදේශයේ,

  • කරදුන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • ගෝවියපාන ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • කහවන්නගම ග්‍රාම නිලධාරි නිලධාරී කොට්ඨාශය
  • දොම්මන්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය

හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,

  • ලණුමෝදර ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • බොනවිස්ටා ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • කටුකුරැන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය

 

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,

  • දෙනවක පාතකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • දිප්පිටිගල ග්‍රාම නිලධාරී කොට්ඨාශය

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,

  • කුරුවිට ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

 

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ වන්නේ

කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,

  • උග්ගල්ල ග්‍රම ධාරී කොට්ඨාශය

 

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,

  • දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය

 

නුවර එළිය දිස්ත්‍රික්කය

හැටන් පොලිස් බලප්‍රදේශයේ,

  • ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
  • ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස