( ප්‍රසාද් රුක්මාල්)
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩයක් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල ප්‍රධාන භූවිද්‍යාය හර්ශනී පෙරේරා මහත්මිය පවසයි .
මේ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල , පස්සර , හාලිඇල ,හපුතලේ , මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර , පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, සහ මාතලේ දිස්ත්‍රික්කයේ අබන්ගග කෝරලය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙසේ නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ 1. (කහ) පනිවිඩය නිකුත් කළ බවද ඇය සදහන් කළාය. .
මෙම නායයාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩය අද (14) පස්වරු 4 සිට හෙට 15 පස්වරු 4 දක්වා වලංගු වේ.