
දිල්ලියේ ප්‍රවාහන සේවයට යොදාගනු ලබන කුඩා බස් රථ දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.
එසේම, බස් රථ රියැදුරන්ට දිනපතා දෑත් සේදීමට ද දැනුම් දී ඇත.
කොරෝනා වයිරසය ඉන්දීය වැසියන්ට ආසාදනය වීම පාලනය කිරීම සඳහා බස් රථවල ගමන්ගන්නා මගීන් සහ බස් රථවල සේවකයන්ගේ ද සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඉන්දීය ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොසිනි.

