
(මොහොමඩ් ආසික්)
ඉන්දියාවේදී පැවැති 2025 ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු සාෆියා යමික් ක්‍රීඩිකාව පිළි ගැනීමේ උත්සවයක් ඇය උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයෙදී අද පැවැත්විණි.
තමන් උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයට ඇය පැමිණෙන අවස්ථාවේදී ඇය පිළිගැනීම සඳහා චාම් එහෙත් ගාම්භීර උත්සවයක් ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබිණි.
මෙම පිළිගැනීමේ උත්සවයට මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම පිළිගැනීමේ උත්සවයේදී සෆියා තමන්ට හිමි වු රන් පදක්කම් පියා වූ ජේ.එම්. යාමික් මහතාට,මවට ද පුහුණුකරුට පැළඳවීමටද පියවර ගත්තාය.




