
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාපතනයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ තිදෙනෙකු මියගොස් ඇති බව තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.
දැඩි වර්ෂාපතනය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී තිබූ අතර සුළි කුණාටුව හේතුවෙන් ගවයින් 149ක් මිය ගොස්, ගොවිබිම් හෙක්ටයාර 57,000ක් ජලයෙන් යටවී තිබිණි.
සුළි කුණාටුව හේතුවෙන් වී වගාවන් අක්කර 500 ක් පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ විනාශ වී ඇතැයි ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.
පැයට කිලෝ මීටර 12 ක වේගයෙන් තමිල්නාඩු සහ පුදුචෙරි වෙරළ තීරයට ඊයේ(30) ළඟා වෙමින් තිබූ දිට්වා සුළි කුණාටුව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බැවින් අද(01) සුළි කුණාටුව සම්පූර්ණයෙන්ම දුර්වල වී අවපීඩන තත්වයක් දක්වා පහළ යනු ඇති බවද එරට කාලගුණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ඒ හේතුවෙන් දිට්වා සුළි කුණාටුව ඉන්දියාව තුළට ගමන් කරනු ඇතැයි අපේක්ෂාව නොකරන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තමිල්නාඩු, පුදුචෙරි සහ අන්ද්‍රා ප්‍රදේශ්හි ඇතැම් ස්ථාන වලට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවත් ඉන් එම ප්‍රදේශ වල ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පැවැසුවේය. අයහපත් කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශවල ගුවන්, දුම්රිය සේවාවලටත් මහා මාර්ගවල වාහන ධාවනයටත් බාධා එල්ල වී තිබූ බව ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.

