දැරියක් අපයෝජනය කිරීමේ වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

සමාජ මාධ්‍ය ජාලාවල දැරියක අපයෝජනයට ලක්වීමේ වීඩියෝවක් ප්‍රචාරය වීමේ සිද්ධියට අදාළ සැකකරු කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 36 හැවිරිදි එක්දරු පියෙකු වන අතර ඔහු දැරියගේ ළඟම ඥාතියෙකු බව පොලිසිය සඳහන් කරයි.

ත්‍රීරෝද රථ රියැදුරකු වන සැකකරු දැරිය ඇගේ නිවසේ දී සහ පිටතදී අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත.

සැකකරු හෙට (20) අලුත්කඩේ අංක 1 අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.