දැරියකට පිළිස්සුම් තුවාල සිදුකළ මවක් අත්අඩංගුවට


මොහොමඩ් ආසික්
 
 
අවුරුදු හතරක ළදැරියක සිය ඇඳුමේ මළපහ කරගත්තේ යැයි යකඩ හැන්දක් රත් කර දැරියගේ පසුපස ප්‍රදේශය පුළුස්සා කෲර ලෙස හිංසා කළ ඇගේ මව අලවතුගොඩ පොලිසිය අද (13) අත්අඩංගුවට ගෙන ඇත.
 
පසුගිය 9 වැනදා දැරිය මෙසේ හිංසනයට ලක්ව තිබේ.
 
දැරියගේ පියා පිළිස්සුම් තුවාල දැක අලවතුගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇත.
 
පිළිස්සුම් තුවාල ලද දැරිය ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
 
සැකකාරිය අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත   ඉදිරිපත් කිරිමට නියමිතය.
 
අලවතුගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.