දැඩි සත්කාර ඒකක වැසීයෑමේ අවධානමක්


(යොහාන් භාසුර)

රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් එම ඒකක පවත්වා ගැනීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවත් එම ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්ව ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සඳහා සැපයුම්කරුවන් වෙත ගෙවියයුතු රුපියල් මිලියන 300 ක පමණ මුදලක් ගෙවීම මාස 4 කට වඩා වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා සැපයුම අත්හිටුවා ඇති බව කී රවී කුමුදේශ් මහතා ගැටළුවට තාවකාලික පිළියමක් හෝ යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නොකරන බව ද සඳහන් කළේය.