(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පල්ලම අඩම්මන වෙල් යායෙදී අකුණු සැර වැදි දෙදරු මවක අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ අඩම්මන පදිංචි පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු මවක වු එම්.ඒ . රෝහිනි මල්කාන්ති නැමති කාන්තාවක් බව කියයි.
සැමියාගෙ බේබදුකම හේතුවෙන් දරුණු ආර්ථික අපහසුතාවකින් සිටි මෙම මව තම කුඩා ඉඩමේ තිබු කජු ගසකින් කජූ කිලෝවක් සකසා ගෙන එය විකුණා දරුවන් දෙදෙනාට රාත්‍රි කෑම සකසා දීම සදහා වෙළද සලකට ගොස් ආපසු වෙල් යාය මැදින් නිවසට පැමිණේමින් සිටියදී මෙසේ අකුණු සැරට ලක්වි මරණයට පත්වි ඇති බව කියයි.
අකුණු සැරට ලක්වු මෙම කාන්තාවට වයස අවුරුදු 9 ක දියණියක් හා අවුරුදු එකයි මාස තුනක කුඩා පුතකු සිටින බව ඥාතිහු පවසති.
මෙම කාන්තාව සමග දියණියද පැමිණ ඇති බවත් මොවුන් වෙල් යායේ නියරක් මතින් නිවසට ආසන්නව පැමිණේමින් සිටියදී අකුණු සැර පතිත වී ඇති බව කියයි.
කෙසේ වෙතත් එම අකුණු සැරින් කාන්තාව දැඩි ලෙස බියට පත්වි කුඩා දියණියට පරිස්සමේන් නිවසට යන්නැයි පවසා තිබේ.
දියණිය මවට පෙර මිටර් 15 කට වැඩි දුරකින් ගමන් ගන්නා අවස්ථාවේදි නොසිතු ලෙස අකුණුක් ගසා මෙම කාන්තාව එයට හසුව දරුණු පිලිස්සුම් තුවාල ලබා එම ස්ථානයෙදී ම මරණයට පත්වි ඇති බව කියයි.
යම් හේයකින් දියණියත් මවත් එකට ගමන් කළේ නම් මෙම දෙදෙනාම මරණයට පත්විමට ඉඩ තිබු බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයෙ නිළධාරින් පවසයි.

