
(ඉන්දික අරුණ කුමාර සහ ශ්‍රීනාත් ප්‍රසන්න)
දරුඑල ලබාදීමේ අපෙක්ෂාවෙන් සිදුකරන ලද ශාන්ති කර්මයකින් පසු කාන්තාවක මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය අත්අඩංගුවට ගත් සැක කරුවන් දෙදෙනකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නාඋල වැඩබලන මහෙස්ත්‍රාත් ශාමලි විජේරත්න මහත්මිය අද නියෝග කළාය.
ලග්ගල -දාස්ගිරිය හත්ටෙ අමුණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන හතලිස් අට හැවිරිදි කාන්තාවට( 48 ) දරුඑල අපේක්ෂාවෙන් සිදුකල ශාන්ති කර්මයක දී තැඹිලි පානයට ලබාදී, පසුව කහ දියර ද ලබාදී ඇති බව ලග්ගල පොලිසිය සිදු කළ මුලික පරික්ෂණ වල දී අනාවරණය වූ බව අධිකරණයේදී කියැවිණි.
ශාන්ති කර්මය අතරතුර අදාල කාන්තාව රෝගාතුර වීම හේතුවෙන් දාස්ගිරිය රෝහලටත් පසුව දඹුල්ල රෝහලටත් ඇතුළත් කර ඇති අතර පසුව ඇය දඹුල්ල රෝහලේ දී මිය ගොස් ඇතැයි දපොලිසිය අධිකරණයට දැන්වීය
මෙසේ මියගොස් ඇත්තේ ඒකනායක මුදියන්සෙද්ලාගේ චාන්දනි කුමාරි ඒකනායක (48) නැමැති විවාහක කාන්තාවකි.

