
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහතිකය සටහන් කළේය.
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත ඔක්තෝබර් 21 වැනිදා තෙවනවර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
මෙම පනත, 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය සඳහා වන පනතකි. 2025 මාර්තු මස 27 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර 2025 මැයි මස 08 වන දින ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සංශෝධන පනත මගින් ප්‍රධාන පනත ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය යැයි සැලකෙන සංශෝධන ඉදිරිපත් කර ඇත.
ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත, 2025 අංක 22 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

