ඩී.ජී.සුගතපාල
දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා අද (28) නියෝග කළේය.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
අක්මීමන බටදූව දේවාලයකදී මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

