IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිංහල අවුරුද්දට පෙර නුවරට කෝච්චි යවනවා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය පරණ කෝච්චි පාලම මාර්තු 31ට පෙර සාදා නිම කර  සිංහල අලුත් අවුරුද්දට පෙර නුවරට කෝච්චි ගෙනියන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද  (19) පැවසීය

ඔහු මෙසේ පැවසුවේ රුපියල් කෝටි පනස්දහසක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.

බිමල් රත්නායක මහතා මෙසේද සඳහන් කළේය

අලුත් පාරවල් දාහතරක් ජනවාරි පළමු වැනිදා හදන්න පටන් ගන්නවා. දැදුරු ඔය පාලම තාවකාලිකව හැදුවා.

අලුත්ම පාලම් දෙනවා. පේරාදෙණිය පරණ දුම්රිය පාලම මාර්තු 31 ට පෙර හදලා සිංහල අවුරුද්දට පෙර නුවරට  කෝච්චි ගෙනියනවා. පේරාදෙණිය රේල් පාර ඩබල් ට්‍රැක් කරන්න කියලා තියෙනවා. ඒ නිසා  දුම්රිය පාරටත්   ට්‍රැක්  දෙකේ විශාල පාලමක් හදනවා.



අදහස් (0)

සිංහල අවුරුද්දට පෙර නුවරට කෝච්චි යවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site