
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සම්පූර්ණයෙන් නාය ගිය සහ දැඩි නාය අවදානමක ඇති බව හඳුනාගත් නිවාස 17648ක් සඳහා රුපියල් ලක්ෂ පනහ බැගින් වන දීමනාව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
ඔවුන් පදිංචි කරවීමට සුදුසු ඉඩම් සොයන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බව කී ජනාධිපතිවරයා අධි අවදානම් ප්‍රදේශවල කිසිම පවුලක් ජීවත් වන්නට නොහැකි වන අයුරින් ඉදිරියේදී නීති සම්පාදනය කරන බව සඳහන් කළේය.
ව්‍යසනයෙන් පසු නැවත රට ගොඩනැගීම සඳහා වන රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත කරගැනීමේ විවාදයට මුදල් අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
ආර්ථිකයට යළි පණ ලබාදීම මේ පරිපූරකයේ අරමුණයි.මේ පරිපූරකය නිසා අප්‍රේල් වන විට ආර්ථිකය කඩා වැටෙන බව මතයක් තිබෙනවා.අප ඉතා හොඳින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිතව වැඩ කළ ආණ්ඩුවක් 2007 වසරෙන් පසුව අප මේ වසරේදී වැඩිම රාජ්‍ය ආදායමක් උපයා තිබෙනවා. ඒ වගේම 1977න් පසුව අයවැය හිඟය 4.5 දක්වා ගෙන එන්නට හැකියාව ලැබුණා.ඒ වගේම අයවැය ඉතිහාසයේම ආදායම් ඉලක්ක අභිබවා ගිය වසරක් ලෙස මේ අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ණය සීමා වැඩි නොකර තබා ගන්න අපට හැකියාව ලැබුණා.1950න් පසු අපගේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබී ඇත්තේ අවස්ථා හයක පමණයි.ඉතිහාසයේ පළමු වතාවට වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තය සියයට 3.8ක් වාර්තා කළා. ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබුණා.
අපට තිබුනේ කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවේ.කුඩා හෝ වැරදි තීන්දුවක් බරපතල හානි කරන තත්ත්වයක් තිබුණා.
මේ දේශගුණික ව්‍යසනය අපේ ආර්ථිකයට, පරිසර පද්ධතියට එල්ල වූ ප්‍රහාරයක්.අප ශක්තිමත් ස්ථාවර තැනක නොසිටියා නම් අපට මේ තත්ත්වයට මුහුණ දෙන්න බෑ.බිඳ වැටුණු රටක් ක්‍රමානුකූලව ඔසවමින් තිබෙන අවස්ථාවක අපට මේ කම්පනය ඇතිවුණා.ඒ කම්පනය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය වන සියුම් මැදිහත් වීම හරහා අප ආර්ථිකය කළමනාකරණය කළ යුතුයි.ආර්ථිකයක් කියන්නේ මසුරු සිටානෝ වගේ සියල්ල එකතු කරමින් පමණක් සිටින දේකට නොවේ. ආර්ථිකය ලබාගන්නා යම් හෝ ප්‍රතිලාභයක් තිබේ නම් ඒ ප්‍රතිලාභය පෙරළා ජනතාවට ගලා ගෙන යා යුතුයි.එසේ නැතිව භාණ්ඩාගාරයේ ට්‍රිලියන ගණන් අතිරිකයක් තිබුණා කියා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ.ආර්ථිකයේ කුඩා හෝ ජයක් තිබේ නම් ඒ ජය ජනතාවට ගලාගෙන එයා යුතුයි. අප සතුව තිබූ ට්‍රිලියන 1.2 තරම් සංචිත ප්‍රතිලාභ ලබාදීමට යොදාගත යුතුව තියෙනවා. අප ඒ වගකීම මග හරින්නේ නෑ.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
17648කට ලක්ෂ පනහ ගානේ දෙනවා