දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඉරිදා එරට වේලාවෙන් අලුයම 2:38 ට රික්ටර් පරිමාණයේ 5.0 ක භූමිකම්පාවක් ඇති විය.
ජොහැන්නස්බර්ග්හි ගිනිකොන දෙසින් පිහිටි නගරයක් වන ඇල්බර්ටන් නගරයේ සිට කිලෝමීටර් 6ක් (සැතපුම් 3.7ක්) දුරින් කම්පනය ඇති වූ බව එහි සඳහන් වේ.
ජීවිත හානි හෝ සැලකිය යුතු හානියක් පිළිබඳ වාර්තා නොමැත.
එය විනාඩියක පමණ කාලයක් භූ කම්පනය පැවති බවත් තම නිවෙස්වල බිත්ති සෙලවෙන බව දැකීමෙන් අවදි වූ බවත් නගරවාසීන් පවසා ඇත.
2014 දී මාපකයේ 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයේ දකුණු අප්‍රිකාවේ වයඹ පළාතේ ඕර්ක්නි රන් ආකර නගරය ආසන්නයේ ඇති වූ අතර ඉන් එක් අයකු මිය ගොස් ඇති බව වාර්තා විය.

