තොරතුරු නීති සමුළුව 2වැනිදා


(සුජිත් හේවාජුලිගේ )

තොරතුරු තාක්ෂණ නීතිය පිළිබඳ මෙම වසරේ සමුළුව  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ලබන 2 වැනිදා පැවැත්වෙන බව තොරතුරු තාක්ෂණ නීතිය පිළිබඳ නීතිඥ සංසදය පවසයි.

"ඩිජිටල් අවකාශය තුළ නීතිය" යන්න  මෙවර සමුලුවේ  තේමාවයි.

නීතිය, රාජ්‍ය, සමාගම්, නිතිය බලාත්මක කරන ආයතන සහ තාක්ෂණික අංශවල දේශීය මෙන්ම ගෝලීය පාර්ශ්වකරුවන්ගේ විශේෂ අවධානයක් මෙම සමුළුවට ලැබෙනු ඇතැයි තොරතුරු තාක්ෂණ නීතිය පිළිබඳ නීතිඥ සංසදයේ  සභාපති  අාචාර්්‍ය සුනිල් අබේරත්න මහතා  පැවැසීය


මෙරට ඩිජිටල් පරිවර්තන ගමනේදී වෙනස් වන නීති රාමුව හේතුවෙන් මතුවන අභියෝග හඳුනාගැනීම සඳහා උපාය මාර්ගික සංවාදයක් ගොඩ නැගීමට මෙම සමුළුව වැදගත් වේදිකාවක් සපයනු ඇතැයිද  අබේරත්න මහතා  ප්‍රකාශ කළේය.

 

තොරතුරු තාක්ෂණ නීතිය හා ප්‍රතිපත්ති තුළ  විශිෂ්ටත්වය, අධ්‍යාපනය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමට සිය සංසංදය කැපවී සිටින බව  තොරතුරු තාක්ෂණ නීතිය පිළිබඳ නීතිඥ සංසදය පැවැසුවේය.

ඉහළ යමින්  අැති ඩිජිටල් තර්ජනවලට නීතිමය ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව සොයා බැලීමත්, ඊ - කොමස්, දත්ත ආරක්ෂණය සහ නිරීක්ෂණය පිළිබඳ  පවතින නීති හා නියාමන රාමුවේ කාර්යක්ෂමතාව ඇස්තමේන්තු කිරීමත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, අධිකරණය අැතුලු  නීති ක්‍රියාත්මක කරන ආයතන අතර සංවාදයක් ගොඩ  නැගීම දිරිමත් කිරීමත්  මෙවර සමුළුව පැවැත්වීමේ  ප්‍රධාන අරමුණු බවද  අාචාර්්‍ය සුනිල් අබේරත්න මහතා  පැවැසීය