තේ දළු කඩන්න ගිය කත මරා දමලා


(ඩී.ජී.සුගතපාල)

අභිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් තේ ඉඩමක තිබි අද (25) සවස සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අක්මිමණ පින්නදුව පුහුලහේන පදිංචි 52හැවිරිදි කාන්තාවකි.

ඇය නිවස අසල තේ ඉඩමේ දළු කැඩිමට ගොස් ඇති අතර සවස් වනතුරුත් නිවසට නොපැමිණි නිසා ගිගුරුම් සහිත වැසි ඇද හැලිමත් නිසා සැමියා ඇය බැලිමට තේ ඉඩමට ගිය අවස්ථාවේ ඇය වැටි සිටිනු දැක පොලිසියට පැමිණ ඒ බව දැනුම්දි ඇත.

ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කර බැලිමේදි ඇක ඇත්තේ තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇති බවය.