තෙල් සංස්ථාවේදී කළහ කළ අය අත්අඩංගුවට ගන්න යයි


(ඉන්දිකා රාමනායක)

 
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන  පරීශ‍්‍රයට ඉකුත් නොවැම්බර් මස  (28) පස්වරුවේ ඇතුළු වී ඛණිජතෙල්  සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග  මහතාට විරෝධය දක්වමින් කළහාකාරි ලෙස හැසිරුණු සියලූ දෙනා ඉදිරියේ දී අත්අඩංගුවට ගන්නා බව   උසස් පොලිස්  නිලධාරියෙක් පැවසීය.

සිද්ධිය  වු දිනයේ සේවකයන් පිරිසක්   පරිශ‍්‍රය තුළ විරෝධය දැක්වීම හේතුවෙන් ඇති වු   උණුසුම් තත්ත්වයකදී  දුරදිග යාමෙන්  අමාත්‍යවරයාගේ  ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයන් මියගොස්  තවත් සේවකයන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

පොදුජන පෙරමුණේ නාගරික මන්ති‍්‍ර කුලතිස්ස ගීකියන මහතා ඇතුළු පිරිසක් එහි කළහාකාරි ලෙස හැසිරෙමින් ඇමැති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල්වරයාට  පහර  දී ඇති බවත් එම අවස්ථවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව  දැනට සිදුකළ පරීක්ෂණයේ දී  හෙළි වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය වු  අවස්ථාවේ ආයතන පරිශ‍්‍රයේ  ඇති සී සී ටී වී කැමරාවල පටිගත වී ඇති දර්ශන අනුව  සිද්ධියේ සැකකරුවන්  බොහෝ දෙනකු හඳුනා ගෙන ඇති බවත්  ඉදිරියේ ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද   එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.